පොදු උපදෙස්
01.පාසලේ ගෞරවය ආරක්ෂා කළ යුතුය.
02.පන්ති කාමරය, ඒ අවට හා වටපිටාව පිරිසිදුව තබා ගැනීමට උනන්දු විය යුතුය.
03.පාසලේ ගොඩනැගිලි,බඩුබාහිරාදිය ආරක්ෂාකාරීව පරිහරණය කිරීමට වගබලා ගත යුතුය.
04.ඉගෙනුම් ඉගැනීමේ ක්‍රියාවලිය සදහා සුදුසු වාතාවරණයක් රැකගත යුතුය.
05.සම්පූර්ණ නිල ඇදුම (විකෘති කිරීමෙන් තොරව) හැද සිටිය යුතු අතර, අනවශ්‍ය මෝස්තර වලින් තොර විය යුතුය.
06.පාසලට ඇතුළු වන විට බුදු මැදුරට නමස්කාර කොට පන්තී වලට යා යුතුය.
07.පාසල තුළට පොලිතින් රැගෙන ඒමෙන් වැළකී සිටිය යුතුය.
08.පාසල් ගීය/ මෙහෙවර/ ඉදිරි දැක්ම පිළිබද අවබෝධයෙන් සිටිය යුතුය.
09.බාහිර ක්‍රියාකාරකම් හා විෂයය සමගාමී ක්‍රියාකාරකම් අවම වශයෙන් එකක්වත් නිරත විය යුතුය.
10.නියමිත වර්ණයන්ට අනුව පොත්වල පිටකවර තිබිය යුතුය.
11.විද්‍යාලයට ඇතුළු වන විට ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් කළ යුතුය.
12.පාසලේ ආරම්යේ හා අවසානයේ පළමු වාදනය ඇසුණු අවස්ථාවේ සියලු වැඩ නතර කර තම පන්තියට යා යුතුය. දෙවන වාදනයේදී ආගමික වතාවත් වලට සූඋදානම් වන්න. තෙවන වාදනයේදී ඉන්න ස්ථානය්යෙම සිට පන්සිල් සමාදන් වීම ගාථා කීම කරන්න.
13.කාණ්ඩ විෂයන්ට සහා පන්ති කාමරයෙන් වෙනත් ඒකකයට යාමේදී තනි පේඑළියකට ගමන් කරන්න්න.
14.විවේක කාලය අවසානයේ නාදවන වාදනය සමගම පන්තිවලට යා යුතුය.
15.අවසානයේ ගාථා කීමෙන් පසු නාදවන වාදනයත් සමග ශිෂ්යනායකයන්ගේ මග පෙන්වීම යටතේ දෙදෙනා බැගින් පේළි සෑදී පිටත්ව යා යුතුය.
විද්‍යාලීය නීති රීති
01.පාසල් භූමියට පිවිසීම.
සෑම ශිෂ්‍යයෙකුම දිනපතා ශිෂ්‍ය වාර්තා පොත පාසලට රැගෙන ආ යුතුය.නොකළහොත් පාසලට ඇතුළුවීම වැළැක්වීමට ඉඩ ඇත.විනය පවත්වගෙන යාමේ ගැටලු මතුවන නිසා පාසලේ ඉගෙන ගන්නා සිසුන්ට ජංගම දුරකතන, සංයුක්ත තැටි, විඩියෝ පට වැනි පරිගනක කොටස් (මෘදුකාංග හෝ දෘඩාංග)කැමරා පාසල තුලට රැගෙන ඒම සම්පූර්ණයෙමන්ම තහනම්ය.කිසිම ශිෂ්‍යයෙක් පාසල් කාලය තුළදී නිල ඇදුම් නොවන කිසිම ඇදුමකින් සැරසී පාසල් පරිශ්‍රයට ඇතුළු නොවිය යුතුය.
02.කලට වේලාවට පැමිණීම.
සියලුම සිසු සිසුවියන් පෙ.ව. 7.15 පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව.7.25 ට පෙර පිරිසිදු කිරීම සිදු කරන්න.පෙ.ව.7.30 සිට විවේක කාලය දක්වාත් විවේක කාලය අවසානයේ සිට පාසල අවසන් වන තුරුත් පන්ති කාමරය තුල සිටිය යුතුය.එම කාල පරාසය තුළදී පන්තිවලින් බැහැර වීම සපුරා තහනම්ය.අත්‍යාවශ්‍ය කරුණක් සදහා පන්ති වලින් බැහැරව යාමේදී බැහැරව යාම සදහා නිකුත් කර ඇති අවසර පත්‍රය ළග තබා ගත යුතුය.
03.පාසලට නොපැමිණීම.
අසනීපයෙන් පෙළෙන විට හෝ තම පවුලේ අවශ්‍යම කටයුත්තකදී හෝ මිස අන් කිසිම කරුණක් සදහාවත් පාසලට නොපැමිණ සිටීමෙන් වැළකිය යුතුය. නොපැමිණීමට හේතුව වාර්තා පොතේ ඒ සදහා වෙන් කර ඇති පිටුවේ මව හෝ පියා හෝ භාරකරු විසින් සදහන් කර යුතුය. එය නැවත පාසලට පැමිණෙන ප්‍රථම දිනයේම පන්ති භාර ගුරුතුමියට පෙන්වා අත්සන් ලබා ගත යුතුය.මේ සදහා ලිපි හෝ වෙනත් දෑ භාර ගනු නොලබේ. අසනීප නිසා නොපැමිණ දින තෙදිනක් ඉක්මවූ විට වාර්තා පොතේ සටහන් කිරීමට අමතරව මව/ පියා / භාරකරු පැමිණ කරුණු ඉදිරිපත් කළ යුතුය.යලිත් මාස දෙකක් නොකඩවා පාසල් නොපැමිණ ශිෂ්‍යයන්ගේ පන්ති නාම ලේඛනයෙන් ඉවත් කරන බව අවධාරණය කරමි.
04.පාසල් නිල ඇදුම
ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන විට නිල ඇඳුමින් නියමිත ආකාරයට සැරැසී සිටිය යුතු අතර කමිසයේ හෝ ගවුමේ නිල ලාංඡනය තිබීම අනිවාර්ය වේ. අනවශ්‍ය විලාසිතා හා මෝස්තර සපුරා තහනම්ය.ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් (10 ශ්‍රේණියේ සිට ඉහළට) සුදු දිග කලිසමක් හා අත් කොට කමිසයකින්ද , කනිෂ්ඨ ශිෂ්‍යයන් සුදු කොට කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී පැමිණිය යුතු අතර සිසුවියන් නියමිත හැඩයෙන් යුතු ගවුමෙන් සැරසී සිටිය යුතුය. කොණ්ඩා මෝස්තර හිස මුඩු කිරීම සහ හිස වර්ණ කිරීම් සම්පූර්ණයෙන්ම තහනම්ය.වර්ණවත් නූල් අත්වල බැඳීම් නොකළ යුතුය.
05.විනය හා හැසිරීම්.
විද්‍යාලයට අගෞරව වන ලෙස හැසිරීම සිසු සිසුවියන්ට සපුරා තහනම් වන අතර එවැනි ශිෂ්‍යයන්ට තදබල ලෙස විනයානුකූලව දඩුවම් පමුණුවන ඇත.පොදු වාහනවලින් ගමන් කරන විට ද පොදු ස්ථාන වල හැසිරෙන විට ද රැස්වීම් හා උත්සව වලට සහභාගි වන විටදී ද මෙය තරයේ සිතට ගත යුතුය.ශිෂ්‍යයන් දුම්බීම හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ඉතාම තදබල වරදක් බව විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතුය.මේවා භාවිතා කරන අයගේ ඇසුර ද සිසුන් හට තහනම් බව සලකන්න.නොමනා හැසිරීම් විදුහලෙන් නෙරපීමට ප්‍රමාණවත් හේතු බවට තරයේ සිතට ගත යුතුය.
නිල ඇදුම (පිරිමි)
- ඇදුමේ ද්විත්ව මැහුම් නොතිබිය යුතුය.
- පාසලේ ලාංචනය මසා තිබිය යුතුය.
- විවිධ විලාසිතා නොකළ යුතුය/ අත් කොට කමිසයකි.
- විවිධ රූප ඇලවීම නොකළ යුතුය.
- ඇගට හිර වුණු,හැඩ කළ,වඩා විශාල වූ කමිස ඇදීම නොකළ යුතුය.
- කොලරය අසල බොත්තම පමණක් විවර තැබිය යුතු අතර අනෙකුත් බොත්තම් සියල්ල පියවා තැබිය යුතුය.
- කලිසම නාභියට ඇදිය යුතුය.
- ඉන පටිය අගල් 1, 1/4" විය යුතුය.ගාංචු නොමැත.ඉණේ රැළි දෙක බැගින් තිබිය යුතුය.
- උස විලුබ දක්වා
- Folder එක 15 විය යුතුය.
- ශරීරයෙ ප්‍රමාණයට ගැලපෙන Golfee තිබිය යුතුය.
- පමණට වඩා කලිසම ඇගට හිර හා විශාල නොවිය යුතුය.
නිල ඇදුම (ගැහැණු)
- දණහිස දක්වා ගවුම 1,1/2" රැළි.
- විවිධ වර්ණ සහිත තෝඩු හා එල්ලෙන කරාබු නොපැලදීය යුතුය.
- ඉණ නාභිය මට්ටමට (අත පහත දමා වැලමිටෙන් නැමූ විට යට මට්ටම)
- කර ඉදිරිපස විවරය උපරිම 5"යි.
- පාසල් ලාංචනය වම් පස මැසිය යුතුය.
- ඉණ පටිය 1.1/4" ගාංචු නැත
- වෙනත් සාක්කු නැත.
- සුදු සපත්තු,සුදු මේස්,සුදු ලේස්.
- මේස් සපත්තුවේ සිට 2" ක් දක්වා නැමිය යුතුය.





