නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සුදත් යසලාල්
මොරටු මහා විද්‍යාලීයය වත්මන් නියෝජ්‍ය විදුහල්පති වන මා මාගේ ධූරය ලැබූ මෙම පාසල ඉමහත් ලෙසින් අගය කරමි. ඒ මන්ද යත් කලාපීය මට්ටමින් ද, පළාත් මට්ටමින් ද, ජාතික මට්ටමින් ද විශිෂ්ඨ කුසලතා වර්ධනය කර ගනිමින් පාසලේ සිසුන් පාසලට ගෙන එන ගෞරවය නිසා ය. ඒ ලෙසින් ම පාසලේ ගුරු මණ්ඩලය මඟින් ද මා හට අත් වන යහපත් ප්‍රතිචාරයන් මා හට මෙම පාසල කෙරෙහි ගෞරවය වැඩි දියූණු කරවීමට සමත් ය. නාගරීකරණය වූ නමුදු , සුන්දර නදී තීරයකින් මායිම් වූ , මෙම අධ්‍යාපනික භූමි භාගය සැබවින් ම සිත්කළුය.
විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන දරු දැරියන් විසින් එකට එක්කාසු වී වෙබ් අඩ්වියක් ලෙසින් සිදු කල මෙම ව්‍යාතිය ඉතාමත් සාර්ථක යැයි මම සිතමි. මෙම වෙබ් අඩවිය හරහා පාසලේ අනාගත පැවැත්මට අනගි මෙහෙයක් ඉටු කරාවි යැයි මම බලාපොරොත්තු වෙමි.
සුදත් යසලාල්
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි මොරටු මහා විද්‍යාලය - ජාතික පාසල.





