විදුහල්පති පණිවිඩය
රුවන් අරඹේපොළ
"මානිවත්ත අභික්කම" යන පරමාදර්ශී ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් 1934 වසරේ දී ඇරඹුණු මොරටු මහා විද්‍යාලය අද වන විට ප්‍රදේශයේ විශිෂ්ටතම බෞද්ධ පාසල බවට ද , ජාතික පාසලක් බවට ද පත් වී ඇති බව ලොවට කියාපාන්නට ආඩම්බර වෙමි. අප පාසලේ දරු දැරියන් ගේ විවිධ වූ දක්ෂතා නිසාවෙන් අප පාසලේ කීර්තිය තව දුරටත් වර්ධනය වී ඇති බව සඳහන් කළ යුතුය. ජාතික මට්ටමේ විභාග හා තරග ජයග්‍රහණ රැසක් අප පාසල අත්පත් කරගෙන ඇත්තේ මොරටු විදු මාතාවගේ හිසට කිරුළක් රදවන්නා සේ ය. රටට හා ලොවට මහඟු මෙහෙයක් සිදු කළ පුද්ගලයින් පිරිසක් මොරටු විදුහල් මාතාව ගේ සෙවණේ අධ්‍යාපනය හැදැරූ ආදි සිසුවෝ විය.
අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ දරු දැරියන් යුහුසුළුව නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය හරහා අප පාසල හා සම්බන්ධ වීමේ පුළුල් අවකාශය සලසා ඇත. මෙම වෙබ් අඩවිය හරහා අප පාසලේ විශිෂ්ටත්වය ලොවට කියාපාන්නට හැකි වන බව නියතයි. අප විද්‍යාලය සමඟ සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උපකාර කල සියළු ම දෙනාට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.
රුවන් අරඹේපොළ
විදුහල්පති
බප/පිළි මොරටු මහා විද්‍යාලයය - ජාතික පාසල.





