මොරටු මහා විද්‍යාලය

PHOTO-2023-09-17-18-30-24.jpeg
IMG_1794.jpeg
IMG_9197.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ මොරටුව කොට්ඨාසය තුළ අක්කර 5.8 ක භූමි ප්‍රමාණයක පිහිටි මොරටු මහා විද්‍යාලය මෙම ප්‍රදේශයෙහි පිහිටි මොරටු මහා විද්‍යාලය මෙම ප්‍රදේශයෙහි පිහිටි ප්‍රධාන බෞද්ධ පාසලක් ලෙස හැදින්විය හැකිය. විදේශීය පාලනයෙන් මොරටුව ජනයාට බෞද්ධ වීම නිසාම අත්විදීමට සිදු වූ අසාධාරණයන් අභිබවා ඉදිරියට යාමට ගත් පියවරක් ලෙස එම්.ජේ.සී.ප්‍රනාන්දු ශ්‍රීමතාණන්ගේ මූලිකත්වයෙන් 1924 මැයි මස එකොළොස් වන දින මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමීතීය පිහිටුවා ගනු ලැබූ අතර,එම සමීතියෙහි සහයෝගය හා මූලිකත්වය මත 1934 ජනවාරි 19 වන දින මොරටු මහා විද්‍යාලය ආරම්භ කරනු ලැබූයේ බුදු දහම ව්‍යාප්ත කරවීමත්, බෞද්ධයන්ගේ පොදු දියුණුව උදෙසා ක්‍රියා කිරීමත් යන බෞද්ද සමීතියේ මුඛ්‍ය අරමුණු පෙරටු කරගනිමිනි. එදා ඩී.බී.ජයතිලක ශ්‍රීමතාණන් විසින් විවෘත කල මොරටු මහ විදුහල දිවයින පුරා විසිරී සිටි දරුවන් හට බෞද්ධ අනන්‍යතාවයෙන් යුතුව අධ්‍යාපනය ලබා දීම සිය ප්‍රමුඛ වගකීම ලෙස සලකා කටයුතු කරමින්, විශිෂ්ට සිසු පිරිසක් දැයට දායාද කරමින්, කෙමෙන් කෙමෙන් දිවයිනේ ප්‍රමුඛත්වයට පත් වන්නට විය. බෞද්ධ දරුවන් හට විවිධ වූ වුෂයයන් ඉගෙනුම ලැබීමටත් විශේෂයෙන් සාහිත්‍ය, සෞන්දර්ය ක්‍රීඩාව ආදී ක්ෂේත්‍රයන් ඔස්සේ සිය දක්ෂතා එළි දක්වමින් මුළු ලංකාවේම පමණක් නොව, ලොව පුරාම සිය නම රැන්දූ සිසු පිරිසක් බිහි කිරීමටත් මොරටු විදු මාතාවට හැකියාව ලැබී ඇත.පණ්ඩිත් අමරදේව ශූරීන්, නිහාල් නෙල්සන් මැතිතුමන් වැනි ගීත ලොවේ නම් රැදවූවන්, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම් මහාචාර්ය ටෙනිසන් පෙරේරා මැතිතුමා, සම්මානිත මහාචාර්ය ඉන්දුලාල් ද සිල්වා මෑතිතුමා වැනි විෂය ප්‍රවීණයන්, අජන්ට්ත මෙන්ඩිස්, ඉනෝශි ප්‍රනාන්දු වැනි ලෝ සුපතල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම ඇතුළු රටට ලොවට වැඩදායී බොහෝ පිරිසක් දැයට දායාද කරන්නට මොරටු මහා විද්‍යාලය සමාත්ව ඇත.අද වන විට දෙදහස් පන්සියකට ආසන්න සිසු පිරිසකට අධ්‍යාපානය ලබාදෙන,දැනුම කුසලතා සහ ආකල්ප වලින් පරිපූර්ණ වූ දරු පිරිසක් බිහි කිරීම සදහා නොනැවතී සිය මෙහෙවර ඉදිරියට ගෙන යන විදු මාතාවක් ලෙස මොරටු මහා විද්‍යාලය හැදින්විය හැකිය. සශ්‍රීක වූ අතීතය මතින් අත්දැකීම් සහා පාඩම් උගනිමින් අනාගත දැයේ දරුවන් හට සිය මෙහෙවර නොනැවතී ඉදිරියට පවත්වාගෙන යනු පිණිස මොරටු මහා විද්‍යාලය සූදානමින් සිටියි.

"ගුණයෙන් බලයෙන් පිරිපුන් දරුවෙක්"

දැක්ම

සහ

මෙහෙවර

"සපිරි හිසක්, සංවේදී හදවතක්,නිපුණ දෑතක්, වැඩලොවට උචිත පරිසරහිතකාමී දරුවෙක් විශ්වයට දායාද කිරීම"

දැක්ම

සහ

මෙහෙවර

"ගුණයෙන් බලයෙන් පිරිපුන් දරුවෙක්"

"සපිරි හිසක්, සංවේදී හදවතක්,නිපුණ දෑතක්, වැඩලොවට උචිත පරිසරහිතකාමී දරුවෙක් විශ්වයට දායාද කිරීම"

සාහිත්‍ය උළෙල 2023

රන් මහා සටන (BIG MATCH)

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මොරටු මහා විද්‍යාලය